Homeසියලුම පුවත්පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක්

පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඌව සහ නැගෙනහිර පළාත් මෙන්ම මන්නාරම, මුලතිව්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ.

අදාළ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවද දැනුම්දී තිබේ.

අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments