Homeසියලුම පුවත්දුමින්ද දිසානායකට එරෙහි ගිනිඅවි නඩුව නොවැම්බර් 4දා යළි කැඳවයි

දුමින්ද දිසානායකට එරෙහි ගිනිඅවි නඩුව නොවැම්බර් 4දා යළි කැඳවයි

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ තවත් කාන්තාවකට එරෙහිව ගොනුකර ඇති නඩුව නොවැම්බර් 04 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

නඩුව අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී දුමින්ද දිසානායක මහතා සහ කසකස්ථාන ජාතික අයිගුල් ෂෙරගාසිනා නමැති කාන්තාව අධිකරණය හමුවේ පෙනී සිටියහ.

විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් 04 දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කර ඇත.

2025 මැයි 20 වනදා වැල්ලවත්තේ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී බලපත්‍රයක් නොමැතිව රන් ආලේපිත ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීම සහ ඊට ආධාර අනුබලදීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබේ. 0
“`1

RELATED ARTICLES

Most Popular

Recent Comments