Homeසියලුම පුවත්යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවේ විභාගය කල්දමයි

යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවේ විභාගය කල්දමයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

නඩුව අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතාද අධිකරණයේ පෙනී සිටියේය.

විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් නඩු විභාගය කල් තැබීමට අධිකරණය නියෝග කර ඇත.

රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුත් දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල ඉඩම් කට්ටි පහක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments