Homeසියලුම පුවත්අත්අඩංගුවට ගත් ඥානසාර හිමියන් අද අධිකරණයට

අත්අඩංගුවට ගත් ඥානසාර හිමියන් අද අධිකරණයට

අභියාචනාධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුවක් මත අත්අඩංගුවට ගත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවමක් නියමව සිටි ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය පසුගියදා විවෘත වරෙන්තුවක් නිකුත් කළේය. 0

එමෙන්ම ඥානසාර හිමියන්ට විදේශගත වීම වළක්වමින් විදේශ ගමන් තහනමක්ද අධිකරණය විසින් නිකුත් කර තිබුණි.

වරෙන්තුව ක්‍රියාත්මකව තිබියදී ඥානසාර හිමියන් ඊයේ (03) රාත්‍රියේ තීනියාවල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයකදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව උන්වහන්සේ ඊයේ රාත්‍රියේදීම කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන එනු ලැබීය. 1
“`2

RELATED ARTICLES

Most Popular

Recent Comments