Homeසියලුම පුවත්සයිබර් තර්ජන මැඩලීමට ශ්‍රී ලංකාවට ඉන්දියාවේ තාක්ෂණික සහාය

සයිබර් තර්ජන මැඩලීමට ශ්‍රී ලංකාවට ඉන්දියාවේ තාක්ෂණික සහාය

ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂාව සහ සයිබර් තර්ජන කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාවේ සහාය ලබාගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (05) පැවැත්වුණි.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර මෙම සාකච්ඡාව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේදී පැවැත්වී තිබේ.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (Sri Lanka CERT) සයිබර් තර්ජන හඳුනාගැනීමේ සහ ඊට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියාවේ CERT-In ආයතනයේ මෙහෙයුම් අත්දැකීම් භාවිත කළ හැකි ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමු වී ඇත.

සයිබර් තර්ජන විශ්ලේෂණය, රාජ්‍ය ආයතන සහ මහජනතාව සඳහා සයිබර් ආරක්ෂණ පුහුණු වැඩසටහන් පුළුල් කිරීම මෙන්ම කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ තර්ජන ඇගයීමේ ක්‍රමවේද හඳුන්වාදීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

අන්තර්ජාල සේවා සපයන්නන්, රජය, විශ්වවිද්‍යාල සහ පෞද්ගලික අංශය අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ දෙරට අතර ඩිජිටල් හා සයිබර් ආරක්ෂණ සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම පිළිබඳවද අවධානය යොමු වී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments