Homeසියලුම පුවත්ඥානසාර හිමියන් වෙනුවෙන් පාද යාත්‍රාව කඩුගන්නාවෙන් යළි ගමන් අරඹයි

ඥානසාර හිමියන් වෙනුවෙන් පාද යාත්‍රාව කඩුගන්නාවෙන් යළි ගමන් අරඹයි

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පාගමන අද (11) දෙවන දිනට කඩුගන්නාවෙන් යළි ආරම්භ කර තිබේ.

අද දිනයේදී මෙම පාගමන කෑගල්ල නගරය දක්වා ගමන් කිරීමට නියමිත අතර, එහිදී දෙවන දිනයේ කටයුතු අවසන් කිරීමට සැලසුම් කර ඇත.

“සිවුරට යුක්තිය – ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාව” ලෙස නම් කර ඇති මෙම පාගමන ඊයේ (10) මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ කෙරිණි. එහි පළමු දිනය කඩුගන්නාව ප්‍රදේශයෙන් අවසන් විය.

පාගමනේ තෙවන දිනය වන හෙට (12) කෑගල්ලේ සිට වරකාපොළ දක්වා ගමන් කිරීමට නියමිත බව සංවිධායකයෝ සඳහන් කරති.

RELATED ARTICLES

Most Popular

Recent Comments