Homeසියලුම පුවත්ඥානසාර හිමියන්ගේ චීවරය පිළිබඳ පෙත්සම් ලබන 22 වැනිදා සලකා බැලේ

ඥානසාර හිමියන්ගේ චීවරය පිළිබඳ පෙත්සම් ලබන 22 වැනිදා සලකා බැලේ

සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් ලබන 22 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ.අදාළ පෙත්සම් අද (15) අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අමල් රණරාජා, මහේන් ගොපල්ලව සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 22 වැනිදා කැඳවීමට විනිසුරු මඩුල්ල නියම කළේය.පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments