Homeසියලුම පුවත්ගීතවල කතෘභාග ගැටලු විසඳීමට රජය මැදිහත් විය යුතුයි - ජගත් වික්‍රමසිංහ

ගීතවල කතෘභාග ගැටලු විසඳීමට රජය මැදිහත් විය යුතුයි – ජගත් වික්‍රමසිංහ

ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය විසින් අද (28) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර තිබේ.එහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ඇතැම් පෞද්ගලික ආයතන විසින් කතෘභාග එකතු කිරීමේදී විනිවිදභාවයක් නොමැති වීම හේතුවෙන් කලාකරුවන්ට අසාධාරණයන් සිදුවන බවයි.එමෙන්ම, ගීතවල හිමිකම් තහවුරු කිරීම සහ කතෘභාග එකතු කිරීම හා බෙදාහැරීම සඳහා රාජ්‍ය ආයතනයකට අනුබද්ධිත විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයාගෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.ගීතවල අයිතිය සම්බන්ධ නීති වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කර තිබේ.තවද, කතෘභාග එකතු කරන ඇතැම් ආයතනවල මූල්‍ය කටයුතුවල විනිවිදභාවය සම්බන්ධයෙන් ගැටලු පවතින බව පෙන්වා දුන් ජගත් වික්‍රමසිංහ මහතා, ඒ පිළිබඳව අදාළ රාජ්‍ය ආයතන වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇති බවද සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments