ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (30) දිනයේ එක්දින වැඩවර්ජනයක නිරත වීමට විශ්වවිද්යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ.එම සම්මේලනයේ ප්රධාන ලේකම් ජ්යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ දිවයිනේ සියලුම රාජ්ය විශ්වවිද්යාල ආවරණය වන පරිදි මෙම වර්ජනය ක්රියාත්මක කරන බවයි.විශ්වවිද්යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය, කාර්ය මණ්ඩලයට පැවරී ඇති අධික වැඩබර සහ ප්රමාණවත් භෞතික පහසුකම් නොමැතිවීම ඇතුළු ගැටලු කිහිපයක් මෙම වෘත්තීය ක්රියාමාර්ගයට හේතු වී තිබේ.මේ අතර, වැඩවර්ජනයට සමගාමීව හෙට (31) දිනයේ පා ගමනක් සංවිධානය කිරීමටද එම සම්මේලනය පියවර ගෙන ඇත.රාජ්ය විශ්වවිද්යාල පද්ධතිය මුහුණ දෙන ගැටලු පිළිබඳව මහජන අවධානය යොමු කිරීම මෙම ක්රියාමාර්ගවල අරමුණ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

