Homeසියලුම පුවත්රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් 4ක් සහ මෝටර් රථ දෙකක් තහනම් කරයි

රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් 4ක් සහ මෝටර් රථ දෙකක් තහනම් කරයි

අල්ලස් ලෙස ලබාගත් බව කියන රුපියල් කෝටි 12ක මුදල සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහු ඇතුළු පිරිසගේ දේපළ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.‘හරක් කටා’ නමැති බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු රැඳවුම් භාරයෙන් මුදාගෙන ආරක්ෂිත බන්ධනාගාරයක රඳවා තැබීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රඛිත රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි. පසුව ඔවුන් අධිකරණයෙන් ඇප මත මුදාහැර තිබේ.අදාළ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 4ක පමණ මුදලක් තිබූ බවද කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.දේපළ තහනම් කිරීම පිළිබඳව රඛිත රාජපක්ෂ මහතා දැනුවත් කිරීමට ඔහුගේ රාජගිරියේ නිවසට කිහිපවරක් ගියද ඔහු එහි නොසිටි බැවින්, පසුව ඔහුගේ බිරිඳට ඒ පිළිබඳව දැනුම් දී ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments