ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් නැවතත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
ඒ අනුව, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 103.38ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 1.35ක වැඩිවීමකි.
එමෙන්ම, බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 1.44කින් ඉහළ ගොස් ඩොලර් 116.54ක් ලෙස සටහන් වී තිබේ.
කෙසේ වෙතත්, Murban බොරතෙල් බැරලයක මිල සියයට 0.39කින් පහළ ගොස් ඩොලර් 114.76ක් ලෙස වාර්තා වී ඇත.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළට

