පොලිස්පතිවරයාගේ නියෝග මත බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් මේ පිළිබඳ විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්ය කොට්ඨාසය සඳහන් කරයි.
පසුගිය 25 වැනිදා සිදුවූ මෙම මරණය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, සිද්ධියට අදාළ සාක්ෂි එක්රැස් කිරීමද සිදුකරමින් පවතී.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා වන උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය සැකකරු ඔක්තෝබර් 24 වැනිදා රිය අනතුරකින් තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි. එදිනම පස්වරු 5.55ට ඔහු රෝහලෙන් අනවසරයෙන් පිටව ගොස් ඇති බවද හෙළි වී තිබේ.
මෙම සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන තවදුරටත් ක්රියාත්මක බව වාර්තා වේ.
හෝමාගම පොලිස් භාරයේ සිටි සැකකරුගේ මරණය ගැන පොලිස් නිලධාරීන් 09කගෙන් ප්රකාශ ගනී

