පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පලායෑමට උත්සාහ කළ රැඳවියෙකු බන්ධනාගාර නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් අද (01) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා සඳහන් කළේ, බන්ධනාගාර තාප්පය ආසන්නයේ පිහිටි ආරක්ෂක කුටියකට නැඟි අදාළ රැඳවියා එහි රාජකාරියේ නිරතව සිටි නිලධාරියෙකුගේ ගිනි අවිය පැහැර ගැනීමට උත්සාහ කර ඇති බවයි.
එම අවස්ථාවේදී පලායෑමට තැත් කළ රැඳවියාට අදාළ නිලධාරියා වෙඩි තබා ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ රැඳවියා දුම්බර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පුද්ගලයෙකු බව සඳහන් වේ.
දුම්බර බන්ධනාගාරයෙන් පලායෑමට උත්සාහ කළ රැඳවියෙක් වෙඩි වැදී මරුට

