මැදපෙරදිග කලාපයේ පවතින යුදමය සහ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම මෙරට ඉන්ධන මිල වැඩි කිරීමට ප්‍රධාන හේතුව වූ බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඉන්ධන ආනයනය සඳහා රජයට දැරීමට සිදුවන වියදම 50%කින් පමණ ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.ඊයේ (02) පැවති දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී විපක්ෂය ඉදිරිපත් කරන ඇතැම් යෝජනා ප්‍රායෝගික නොවන බවද අමාත්‍යවරයා කියා සිටියේය.විශේෂයෙන් වරායට ඉන්ධන ආනයනය කරන මිලටම ජනතාවට ඉන්ධන ලබාදිය යුතු බවට ඉදිරිපත් වන යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික ගැටලු පවතින බව ඔහු සඳහන් කළේය.මේ අතර ඉන්ධන මිල ඉහළ යාමෙන් ජනතාවට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා රුපියල් බිලියන 57ක මුදලක් ඉන්ධන සහනාධාර වෙනුවෙන් වෙන් කිරීමට රජය කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා අනාවරණය කළේය.කෙසේ වෙතත්, ඉන්ධන ආනයන වියදම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බැවින් ඉන්ධන මිල සම්පූර්ණයෙන් අඩු කිරීම හෝ විශාල අමතර සහනයක් ලබාදීම මේ අවස්ථාවේදී අපහසු බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.📌 ඉන්ධන මිල සම්බන්ධයෙන් රජයේ ඉදිරි තීරණ සහ ලෝක වෙළෙඳපොළේ මිල වෙනස්වීම් පිළිබඳව ජනතාවගේ අවධානය යොමුව තිබේ.

