ලෝක වෙළෙඳපොළේ WTI සහ Brent වර්ගයේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබේ.ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.59ක් දක්වා පහළ ගොස් ඇති අතර, එය පෙර වෙළෙඳ සැසියට සාපේක්ෂව 0.59%ක අඩුවීමකි.Brent බොරතෙල් බැරලයක මිල ද අමෙරිකානු ඩොලර් 97.31ක් දක්වා පහළ ගොස් තිබේ. එහි පහළ යාම 1.06%කි.කෙසේ වෙතත්, Murban වර්ගයේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති අතර, එහි බැරලයක මිල අමෙරිකානු ඩොලර් 99.17ක් ලෙස සටහන් වී තිබේ. එය පෙර වෙළෙඳ සැසියේ මිල වූ ඩොලර් 95.89ට සාපේක්ෂව ඩොලර් 3.28ක හෙවත් 3.42%ක ඉහළ යාමකි.විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය පසුබෑමකට ලක්වීමත් සමඟ ඉරානය සමඟ පවතින යුද ගැටුම් සමනය වනු ඇතැයි වෙළෙඳපොළ තුළ ඇතිවූ අපේක්ෂා බොරතෙල් මිල පහළ යාමට බලපා ඇති බවයි.ඉරානය සමඟ පවතින ගැටුම් අවසන් කිරීම සඳහා සාකච්ඡා සාර්ථක වුවහොත් ඉරානයට එරෙහිව නව ප්‍රහාර එල්ල කිරීමේ අවශ්‍යතාවක් ඇති නොවනු ඇති බවට අමෙරිකානු ජනාධිපතිවරයා ද ප්‍රකාශ කර තිබේ.මැදපෙරදිග කලාපයේ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වීමේ අවදානම අඩුවනු ඇතැයි ඇතිවූ අපේක්ෂා ද බොරතෙල් මිල පහළ යාමට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

