Homeසියලුම පුවත්කැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට අද පැය 13ක ජල කප්පාදුවක්

කැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට අද පැය 13ක ජල කප්පාදුවක්

කැලණිය සහ ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසකට අද (14) පැය 13යි විනාඩි 30ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.බියගම ජල පවිත්‍රාගාරයට විදුලිය සපයන පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකෙරේ.ඒ අනුව අද පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇත.ජල කප්පාදුව බලපාන ප්‍රදේශ:- පෑලියගොඩ- වත්තල – මාබෝල- ජාඇල- කටුනායක – සීදූව- කැලණිය- වත්තල- බියගම- මහර- දොම්පේ- කටාන- මිනුවන්ගොඩ- ගම්පහමෙම ප්‍රදේශවල නගර සභා සහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට මෙන්ම ඇතැම් ප්‍රදේශවල කොටස්වලටද ජල සැපයුම අත්හිටුවනු ඇත.එබැවින් ජල කප්පාදුවට පෙර අවශ්‍ය ජලය රැස්කර තබාගන්නා ලෙස ජනතාවට දැනුම්දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments