මෙවර අයවැය මගින් තමන්ට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් වාරිමාර්ග ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය වෘත්තීය ක්රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබේ.ඒ අනුව අද (14) සහ හෙට (15) සති අන්ත රාජකාරිවලින් ඉවත් වීමට එම සංගමය තීරණය කර ඇත.එමෙන්ම ලබන 16 සහ 17 යන දෙදින තුළ සියලුම ඉංජිනේරු සහකාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගයක නිරත වන බව සංගමයේ ලේකම් එස්. ඒ. ආර්. කේ. සුබසිංහ මහතා සඳහන් කළේය.ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය මගින් දීමනා ලබාදීමේදී තමන්ට අඩු සැලකිල්ලක් දක්වා ඇති බවත්, ඇතැම් පිරිස්වලට පමණක් දීමනා ලබාදී ඇති බවත් ඔහු පැවසීය.මේ සම්බන්ධයෙන් සංගමය දැඩි කලකිරීමට පත්ව ඇති බවද ලේකම්වරයා සඳහන් කළේය.තවද, මෙම ගැටලුවට විරෝධය පළ කරමින් ඉදිරියේදී දිවයින පුරා වැඩවර්ජනයක් ක්රියාත්මක කිරීමට සූදානම් බවත්, බලධාරීන්ගෙන් යහපත් ප්රතිචාරයක් ලැබෙන තෙක් දැඩි වෘත්තීය ක්රියාමාර්ගවල නිරත වන බවත් ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේය.

