අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට යළි නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.ඒ අනුව, එළඹෙන නොවැම්බර් 30 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී ඇත.විමල් වීරවංශ මහතා විසින් සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මඟින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට සඳහන් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.අදාළ පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරද විමල් වීරවංශ මහතාට නොතීසි නිකුත් කර තිබුණද, එදින ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස නැවත නොතීසි නිකුත් කිරීමට නියෝග කර තිබේ.

