Homeසියලුම පුවත්පිළිගත් දේශපාලන පක්ෂ ලැයිස්තුවට තවත් පක්ෂ 3ක් එක්වෙයි

පිළිගත් දේශපාලන පක්ෂ ලැයිස්තුවට තවත් පක්ෂ 3ක් එක්වෙයි

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 7(5) උපවගන්තිය යටතේ තවත් දේශපාලන පක්ෂ තුනක් මැතිවරණ කටයුතු සඳහා පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා විසින් නිකුත් කළ නිවේදනයට අනුව, 2026 ඔක්තෝබර් 21 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පිළිගත් නව දේශපාලන පක්ෂ තුන වන්නේ,1. අප ජනතා පෙරමුණ2. තමිල් මක්කල් විඩුතලෛ පුලිකල්3. දෙමළ ජාතික හරිත සංවිධානයමෙම පක්ෂ තුන අලුතින් එක්වීමත් සමඟ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල වශයෙන් පිළිගෙන ඇති සමස්ත දේශපාලන පක්ෂ සංඛ්‍යාව 87ක් දක්වා ඉහළ ගොස් තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments