2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ තෝරාගත් සුදුසුකම් ලත් සියලුම සිසුන්ට ඔක්තෝබර් මාසයට අදාළ ශිෂ්‍යත්ව දීමනාව අද (19) ගෙවීමට කටයුතු කරන බව ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පවසයි.නිවේදනයක් නිකුත් කරමින් එම අරමුදල සඳහන් කර ඇත්තේ, මෙම අධ්‍යයන වර්ෂයට අදාළ හිඟ වාරික මුදල් දෙසැම්බර් මාසයේදී ගෙවීමට කටයුතු කරන බවයි.

