Homeසියලුම පුවත්මෙරට රන් මිල රුපියල් 7,000කින් පහළට

මෙරට රන් මිල රුපියල් 7,000කින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍රයෙන් පහළ යාමත් සමඟ මෙරට රන් මිලද අද (20) සැලකිය යුතු අගයකින් පහළ ගොස් තිබේ.ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල මේ වනවිට අමෙරිකානු ඩොලර් 3,526ක් ලෙස සටහන් වී ඇති අතර, එය ඩොලර් 3,500 සීමාවට ආසන්න වී තිබේ.අද පෙරවරු 10.00ට යාවත්කාලීන කළ වෙළෙඳපොළ දත්ත අනුව, මෙරට රන් පවුමක මිල රුපියල් 7,000කින් අඩු වී ඇත.ඒ අනුව අද රන් මිල මෙසේය.- කැරට් 24 රන් පවුමක් – රු. 345,000- කැරට් 22 රන් පවුමක් – රු. 317,400ඊයේ දිනයේදී කැරට් 24 රන් පවුමක මිල රුපියල් 352,000ක් ලෙසත්, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 323,800ක් ලෙසත් පැවතිණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments