Homeසියලුම පුවත්සංවිධානාත්මක අපරාධකරුවෙකු බවට චෝදනා එල්ල වූ රොටුඹ අමිල දිවයිනට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු බවට චෝදනා එල්ල වූ රොටුඹ අමිල දිවයිනට රැගෙන එයි

රුසියාවේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සේපාල රත්නායක අමිල සම්පත් නොහොත් රොටුඹ අමිල අද (20) උදෑසන මෙරටට රැගෙන විත් තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රුසියාවේදී අත්අඩංගුවට ගත් සැකකරු මොස්කව් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් ඇත.44 හැවිරිදි සැකකරු මාතර, ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.ඔහු අංගොඩ ලොක්කා සහ මාකඳුරේ මදූෂ් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවත්, 2024 ජූලි 08 වැනිදා සිදු වූ ක්ලබ් වසන්ත ඝාතනයට සම්බන්ධ බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.එමෙන්ම 2016 අප්‍රේල් 29 වැනිදා මුල්ලේරියාව ප්‍රදේශයේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයකටද ඔහු සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් වේ.2019 මාර්තු 28 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මාකඳුරේ මදූෂ්ගේ උපන් දින සාදයක් අතරතුර ඔහු අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන්තොටුපොළ වෙත පිටුවහල් කර තිබුණි. පසුව 2023 මැයි 03 වැනිදා ඇප මත නිදහස් වීමෙන් අනතුරුව ඔහු රුසියාව බලා ගොස් තිබේ.මෙරට විවිධ අධිකරණ මගින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර තිබූ බවද වාර්තා වේ.ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගත් සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා දැඩි ආරක්ෂාවක් යටතේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන යාමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments