මධ්‍යම පරිසර අධිකාරිය අද (20) පෙරවරු 10.50ට නිකුත් කළ වායු ගුණාත්මක දර්ශකයට (AQI) අනුව, දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමට ළඟා වී තිබේ.වාර්තා වූ ඉහළම AQI අගය වන 190 හලාවත ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ඊට අමතරව යාපනයෙන් 164ක්, ත්‍රිකුණාමලයෙන් 161ක්, මුලතිව්වලින් 160ක්, කිලිනොච්චියෙන් 159ක් සහ අනුරාධපුරයෙන් 156ක් ලෙස අගයන් වාර්තා වී තිබේ.එම ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමක පවතී.මේ අතර, ඇල්ල 119ක්, අක්කරේපත්තුව 131ක්, මන්නාරම 132ක්, බත්තරමුල්ල 131ක්, රත්නපුර 126ක් සහ මහනුවර 127ක් ලෙස AQI අගයන් වාර්තා වී ඇති අතර, ඒවා සුළු වශයෙන් අහිතකර මට්ටමට අයත් වේ.වායු ගුණාත්මක දර්ශකය අනුව අගයන් වර්ගීකරණය වන්නේ මෙසේය.- 0–50 : යහපත් මට්ටම- 51–100 : මධ්‍යස්ථ මට්ටම- 101–150 : සුළු වශයෙන් අහිතකර මට්ටම- 151–200 : සෞඛ්‍යයට අහිතකර මට්ටම- 201–300 : ඉතා අහිතකර මට්ටම- 301–500 : අනතුරුදායක මට්ටමවායු දූෂණය ඉහළ ප්‍රදේශවල ජනතාවට ඇතිවිය හැකි සෞඛ්‍ය බලපෑම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස උපදෙස් ලබාදී තිබේ.

