ලබන මාසය වනවිට ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය 9%ක් හෝ ඊට ආසන්න මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය අපේක්ෂා කළ කාලයට වඩා දිගුකාලයක් පැවතීම සහ ඒ හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ මට්ටමක පැවතීම උද්ධමනය ඉහළ යාමට බලපා ඇති බව ඔහු පෙන්වා දෙයි.පසුගිය මාසය අවසානයේදී මෙරට උද්ධමනය 8.3%ක් ලෙස වාර්තා වී තිබේ.2026 මැයි මාසයේදී පොලී අනුපාත ඉහළ නැංවීමට තීරණය කළ අවස්ථාවේදී උද්ධමනය 7%ත් 8%ත් අතර මට්ටමකට ඉහළ ගොස් පසුව පහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබූ බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.කෙසේ වෙතත්, මැදපෙරදිග යුදමය තත්ත්වය අපේක්ෂා කළ කාලයට වඩා දිගුකාලයක් පැවතීම හේතුවෙන් එම පුරෝකථන වෙනස් වී ඇති බව ඔහු පැවසීය.උද්ධමනය ඉලක්කගත 5% මට්ටමට හැකි ඉක්මනින් ළඟා කරගැනීමේ වැදගත්කම ද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.ඉහළ උද්ධමනය හේතුවෙන් රටේ ආර්ථිකයට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වයට සහ මිලදී ගැනීමේ හැකියාවට ද දැඩි බලපෑම් එල්ල වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

