ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10ක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.අද (24) පස්වරු 4.00 සිට හෙට (25) පස්වරු 4.00 දක්වා පැය 24ක කාලයක් මෙම අනතුරු ඇඟවීම් බලපැවැත්වේ.අදියර 2 – අවධානයෙන් සිටින්න (තැඹිලි නිවේදනය)- මහනුවර දිස්ත්‍රික්කය: උඩුනුවර.- කෑගල්ල දිස්ත්‍රික්කය: බුලත්කොහුපිටිය, කෑගල්ල, ගලිගමුව, යටියන්තොට, මාවනැල්ල සහ රඹුක්කන.අදියර 1 – විමසිලිමත් වන්න (කහ නිවේදනය)- කෑගල්ල දිස්ත්‍රික්කය: රුවන්වැල්ල සහ අරණායක.- මහනුවර දිස්ත්‍රික්කය: යටිනුවර.පවතින වර්ෂාපතනය හේතුවෙන් නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩා වැටීම් සහ පොළොව ගිලා බැසීම් වැනි අවදානම් තත්ත්වයන් ඇතිවිය හැකි බව බලධාරීහු පෙන්වා දෙති.ඒ අනුව, අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශවල කඳුකර සහ අවදානම් සහිත ස්ථානවල පදිංචි ජනතාව දැඩි අවධානයෙන් හා විමසිලිමත්ව පසුවන ලෙස බලධාරීන් ඉල්ලා සිටියි.

