Homeසියලුම පුවත්ව්‍යාජ බැංකු වෙබ් අඩවියක් භාවිත කර රුපියල් ලක්ෂ 10ක් වංචා කළ සැකකරුවෙකු...

ව්‍යාජ බැංකු වෙබ් අඩවියක් භාවිත කර රුපියල් ලක්ෂ 10ක් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට

පෞද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර පුද්ගලයෙකුගේ බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වාරියපොළ පරිගණක අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලක් මත මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

අදාළ බැංකුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් නිර්මාණය කර පුද්ගලයෙකු රවටා ඔහුගේ බැංකු ගිණුමේ ප්‍රවේශ දත්ත ලබාගෙන ඇති බවට පැමිණිල්ලේ සඳහන් වේ. ඒ අනුව එම ගිණුමේ තිබූ රුපියල් 1,000,000ක මුදලක් වංචා කර තිබේ.

විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු මත මෙම වංචාව සිදුකළ බවට සැක කෙරෙන පෞද්ගලික ආයතනයක දත්ත ඇතුළත් කිරීමේ නිලධාරියෙකු ඊයේ (26) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 25 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පරිගණක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments