දිස්ත්රික්ක කිහිපයකට අයත් ප්රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.අද (28) පස්වරු 4.00 සිට හෙට (29) පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය බලපැවැත්වෙන බව එම සංවිධානය සඳහන් කරයි.ඒ අනුව මහනුවර දිස්ත්රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්රික්කයේ වලපනේ, නිල්දණ්ඩාහින්න හා හඟුරක්කෙත යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විශේෂ අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.එමෙන්ම පහත සඳහන් ප්රදේශ සඳහාද විමසිලිමත්ව සිටින ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.බදුල්ල දිස්ත්රික්කය- හල්දුම්මුල්ල- පස්සරකළුතර දිස්ත්රික්කය- පාලින්දනුවර- බුලත්සිංහලමහනුවර දිස්ත්රික්කය- යටිනුවර- තුම්පනේ- හතරලියද්ද- උඩපළාත- ගඟ ඉහළ කෝරළය- දොළුව- උඩුනුවරකෑගල්ල දිස්ත්රික්කය- අරණායක- රුවන්වැල්ල- දෙහිඕවිට- මාවනැල්ල- බුලත්කොහුපිටිය- කෑගල්ල- ගලිගමුව- යටියන්තොට- රඹුක්කනමාතලේ දිස්ත්රික්කය- රත්තොටනුවරඑළිය දිස්ත්රික්කය- කොත්මලේ නැගෙනහිර- කොත්මලේ බටහිර- අඹගමුව කෝරළය- තලවකැලේරත්නපුර දිස්ත්රික්කය- කුරුවිට- කිරිඇල්ලඅදාළ ප්රදේශවල ජනතාව පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, නායයෑම් අවදානම් ලක්ෂණ පිළිබඳ විමසිලිමත් වෙමින් බලධාරීන් ලබාදෙන උපදෙස් අනුගමනය කරන ලෙසත් දැනුම් දී තිබේ.

