Homeසියලුම පුවත්දකුණු කොරියාවේ ට්‍රක් රථ අනතුරකින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

දකුණු කොරියාවේ ට්‍රක් රථ අනතුරකින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

දකුණු කොරියාවේ ග්යොංජි පළාතේ හ්වාසොං ප්‍රදේශයේ සිදුවූ ට්‍රක් රථ අනතුරකින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.නොවැම්බර් 26 වැනිදා රාත්‍රී 9.10ට පමණ හ්වාසොං හි ජංගන්-මියොන් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.සේවය අවසන් කර නේවාසිකාගාරය වෙත පාගමනින් යමින් සිටි වයස අවුරුදු 30ක් පමණ වන ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මෙලෙස අනතුරට ලක්ව ඇත.මූලික පොලිස් විමර්ශනවලට අනුව, මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි ඔවුන් දෙදෙනා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටොන් 7.5ක ට්‍රක් රථයක භාණ්ඩ ප්‍රවාහන කොටසෙන් පිටතට නෙරා තිබූ කොටසක ගැටී තිබේ.එම කොටස ඔවුන්ගේ හිස සහ උදර ප්‍රදේශවල වැදීමෙන් බරපතළ තුවාල සිදුව ඇති අතර, රෝහල්ගත කිරීමෙන් පසුව දෙදෙනාම මියගොස් ඇත.සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන හ්වාසොං සියෝබු පොලිසිය සඳහන් කර ඇත්තේ, වෘත්තීය නොසැලකිල්ල හේතුවෙන් මරණ සිදුකිරීමේ චෝදනා මත 50 හැවිරිදි ට්‍රක් රථ රියදුරාට එරෙහිව දකුණු කොරියාවේ රථවාහන අනතුරු පිළිබඳ විශේෂ නීතිය යටතේ නඩු පවරා ඇති බවයි.අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර නොසිටි බවද පොලිසිය තහවුරු කර තිබේ.මියගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැත. ඩෑෂ්කැම් දර්ශන ඇතුළු සාක්ෂි විශ්ලේෂණය කරමින් කොරියානු පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments