ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයට ගත් යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 3.6ක් සොයාගෙන තිබේ.විදේශීය බුද්ධි සේවාවල සහාය ඇතිව දින දෙකකට පෙර ශ්‍රී ලංකාවට දකුණින් පිහිටි ගැඹුරු මුහුදේදී මෙම යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත. පසුව එය ඊයේ (27) දික්ඕවිට වරාය වෙත රැගෙන එනු ලැබීය.එම යාත්‍රාවේ සිටි විදේශීය ජාතිකයින් හත්දෙනෙකුද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.කිසිදු රටකට අයත් ධජයක් නොමැතිව යාත්‍රා කරමින් තිබූ මෙම යාත්‍රාව වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.මේ අතර, ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මේ දක්වා රුපියල් බිලියන 116ක් වටිනා මත්ද්‍රව්‍ය නාවික හමුදා භාරයට ගෙන ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේය.දකුණු මුහුදේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර තිබේ.එම මෙහෙයුම යටතේ මේ වන විට සැකකරුවන් 379 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

