නොවැම්බර් 30 වැනිදා ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහභාගී නොවීමට ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය තීරණය කර තිබේ.
සිය ගැටලු ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ඉදිරි සති දෙක තුළ ඍජු සාකච්ඡාවක් ලබාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කරදීමට කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත සහ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල යන මහත්වරුන් එකඟතාව පළ කිරීම මෙම තීරණයට හේතුවී ඇත.
ඒ අනුව නොවැම්බර් 30 වැනිදා සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතුවල නිරත වන ලෙස එම සංගමය සිය සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියි.
වෘත්තීය දීමනා සහ ප්‍රවාහන දීමනා ඇතුළු තම සාමාජිකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය ඇති ඉහළම පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර සාධනීය හා ස්ථිරසාර විසඳුමක් ලබාගත යුතු බව සංගමය අවධාරණය කරයි.
එමෙන්ම, 2027 අයවැය යෝජනා හේතුවෙන් රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණි අතර ඇතිවී තිබෙන දීමනා විෂමතාව නිවැරදි කර ගැනීම සහ සිය සාමාජිකයින්ගේ සාධාරණ වෘත්තීය හා ආර්ථික ඉල්ලීම් දිනා ගැනීම සඳහා රජයේ බලධාරීන් සමඟ අඛණ්ඩව සාකච්ඡා කර අවශ්‍ය මැදිහත්වීම් සිදුකරන බවද ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

