Homeසියලුම පුවත්දකුණු වෙරළ තීරයේදී මත්ද්‍රව්‍ය බවට සැක ගමන් මලු තොගයක් අත්අඩංගුවට

දකුණු වෙරළ තීරයේදී මත්ද්‍රව්‍ය බවට සැක ගමන් මලු තොගයක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන ගමන් මලු තොගයක් සිය භාරයට ගෙන තිබේ.

අද (28) මාතර මිරිස්ස තල්අරඹ වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව මෙම මෙහෙයුම සිදුකර ඇත.

එහිදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන ගමන් මලු තොගය සමඟ ඒවා ප්‍රවාහනය කිරීමට යොදාගත් ඩිංගි යාත්‍රාවක්ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments