ගාල්ල, රත්ගම, මලියදුව ප්‍රදේශයේ ක්‍රීඩාංගණයකදී හිටපු යුද හමුදා නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.පසුගිය නොවැම්බර් 26 වනදා සිදු වූ මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ ගාල්ල, රිච්මන් කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි හිටපු යුද හමුදා නිලධාරියෙකි.සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ආරම්භ කළ විමර්ශනවලට අනුව ඊයේ (28) මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.ඔවුන් අවුරුදු 31, 38 සහ 41 යන වයස්වල පසුවන ගිංතොට, මාගාල්ල සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා රත්ගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සහ රත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

