Friday, January 23, 2026
Homeදේශීයඅද සිට උපදින ශ්‍රී ලාංකික බිළඳුන්ට උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකයත් ලැබෙයි

අද සිට උපදින ශ්‍රී ලාංකික බිළඳුන්ට උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකයත් ලැබෙයි

ශ්‍රී ලාංකික දෙමව්පියන්ට දාව මෙරට දී උපදින දරුවන්ට උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකය ද නිකුත් කිරීම අද (01) දින සිට ආරම්භ කර තිබේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රා ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව උපතේදී නිකුත් කරන උප්පැන්න සහතිකයටම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම මේ අනුව සිදුකරනු ලබයි.

මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතියක් අද සිට ගම්පහ, දෙහිවල, හඟුරන්කෙත, කුරුණෑගල, රත්නපුර සහ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

මාර්ගත ක්‍රමවේදය ඔස්සේ දෙපාර්තමේන්තු දෙක අතර තොරතුරු හුවරමාරු කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් වී ඇත.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ පසුගිය දෙසැම්බර් මස 14 දින එළඹි අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුවය.

මේ සම්බන්ධව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments