Friday, February 13, 2026
Homeව්‍යාපාරිකසතියක් ඇතුලත බැංකු පද්ධතිය කඩා වැටේවි..- ජනපති

සතියක් ඇතුලත බැංකු පද්ධතිය කඩා වැටේවි..- ජනපති

සතියක් ඇතුලත බැංකු පද්ධතිය කඩා වැටේවි..- ජනපති

අද රජය විසින් අද වන විට රජය විසින් කරගෙන යන වැඩකටයුතු අඩාල වුවොත් සතියක් ඇතුලත බැංකු පද්ධතිය කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. මෙම වැඩපිළිවෙල නැවත්වුවහොත් විදේශ රටවල් සමඟ ගනුදෙනු කිරීමට ද නොහැකි වනු ඇති බව හෙතෙම පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ , ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද (04) පැවති පොල් වගාකරුවන්ගේ සංගමයේ 29 වන වාර්ෂික හමුව අමතමිනි.

අදාල හමුවේදී ජනාධිපතිවරයා මෙසේ අදහස් පල කලේය.

සිංහල ව්‍යාපාර ආරම්භ වුණේ පොල් වගාවෙනුයි. පොල් කර්මාන්තය එකල දියුණු කර්මාන්තයක්ව පැවතුනා. 1970 වන තුරුම සිංහල ජනතාව විශාල පොල් ඉඩම් ප්‍රමාණයකට හිමිකම් කිව්වා. නමුත් 1972-73 සිදු කළ ඉඩම් ප්‍රතිසංස්කරණය සමඟ සිංහල ව්‍යාපාරිකයාගේ ප්‍රාග්ධන මට්ටම පහත වැටුණා.

සිංහල ව්‍යාපාරිකයන් කෘෂිකර්මාන්තයට දක්ෂ නමුත් ඔවුන්ට මූල්‍ය ප්‍රාග්ධනය අහිමිවීම නිසා ව්‍යාපාර බිඳ වැටීමකට ලක් වුණා. ඉන්පසු පොල් වත්තක් අක්කර 50ට සීමා වුණා. කුඩා පොල් වතු හිමියන්ගේ ප්‍රමාණය වැඩි වුණා. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේ දී ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත පොල් කර්මාන්තය දියුණු කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. නමුත් පසුගිය වසර 50 තුළ පොල් කර්මාන්තයේ දියුණුවක් ඇති වූ බව කියන්න බැහැ

RELATED ARTICLES

Most Popular

Recent Comments