Sunday, January 25, 2026
Homeදේශීයවිශේෂ කටයුතු සඳහා වාහන 6900 ක් ගෙන්වයි

විශේෂ කටයුතු සඳහා වාහන 6900 ක් ගෙන්වයි

වාහන ආනයනය තහනම තිබියදී විශේෂ කටයුතු සඳහා  වාහන 6900 ක් ගෙන්වීමට අවසර දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

මින් වාහන 3000ක්ම පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ජිප් රථ සහ ත්‍රිරෝද රථ   බවද  ඔහු සඳහන් කළේය.

වාහන ආනයන තහනම පියවරෙන් පියවර ඉවත් කිරීමට කටයුතු කරන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා වාහන අමතර කොටස්  ගෙන්වීමට තිබූ තහනමද  සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇතැයි  සඳහන් කළේය.

කොව්ඩ් අර්බුදය සමග මතු වූ ආර්ථික ගැටලුව සමඟ මෙරටට වාහන ආනයනය කිරීම තාවකාලිකව නතර කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය.

ඒ අනුව ගිලන්රථ පොදු ව්‍යාපෘතිවලට අවශ්‍ය රථ තානාපති කාර්යාලවලට  අවශ්‍ය රථ ආදී පොදු අවශ්‍යතාවයන්ට අවශ්‍ය වාහන හැරුණු කළ  වෙනත් වාහන ගෙන්වීම තහනම් කෙරිණ.

වාහන ගෙන්වීම මෙසේ  තහනම් කෙරුණේ  2022 වර්ෂයේ ජුනි මස  5  වැනිදාය.

මේ අතර මේ රටට නීති විරෝධීව ගෙනැවිත් ඇති වාහන අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය

RELATED ARTICLES

Most Popular

Recent Comments