Friday, January 23, 2026
Homeසියලුම පුවත්අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙවර විශේෂ දුම්රිය සේවාන් නෑ

අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙවර විශේෂ දුම්රිය සේවාන් නෑ

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා පිට පළාත්වල ජනතාවට ගම්බිම් වලට යාමට මෙවර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක නොවන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පවසනවා.

දුම්රිය නියාමකයන්ගේ හිඟය හේතුවෙන් විශේෂ දුම්රිය ධාවනය කළ නොහැකි තත්වයක් ඇති වී තිබෙන බවත් විශේෂ දුම්රිය දෙකක් පමණක් ධාවනය කිරීමට සාකච්ඡා කරමින් සිටින බවයි ඔහු සඳහන් කළේ.

පෙර වසරවලදී අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය 40 ක් පමණ ධාවනයේ යෙදවූයේ විශ්‍රාමික නියාමකයන්ගේ සේවය ලබාගෙන බවත් විශ්‍රාමික නියමකයන්ට වැටුප් නොගෙවීම හේතුවෙන් ඔවුන් සේවයට නොපැමිණෙන බවත් සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් සඳහන් කරනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments