මොරොක්කෝවේ හයි ඇට්ලස් කඳුකරයෙහි ප්රබල භූමිකම්පාවක් ඇතිවී තිබේ.
රික්ටර් පරිමාණ ඒකක 7.2ක ප්රභලත්වයෙන් යුතු භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයන් අවම වශයෙන් 300 දෙනෙකුවත් මියගොස් ඇති අතර ගොඩනැගිලි ද කඩාවැටී තිබේ.
තත්පර 20ක පමණ කාලයක් මෙම භූමි කම්පාව පැවතී ඇති අතර බියපත් වූ මිනිසුන් ගොඩනැගිලි වලින් එළියට දිවගොස් තිබේ