Saturday, January 24, 2026
Homeදේශීයරටෙන් භාගයක්ම ක්‍රිබ් එකේ හිරවෙලා

රටෙන් භාගයක්ම ක්‍රිබ් එකේ හිරවෙලා

මෙරට පුද්ගලයන්ගෙන් හරි අඩකටත් වැඩි පිරිසකට පිළිගත් මූල්‍ය ආයතනයකින් ණයක් ලබා ගැනීමට නොහැකි වන පරිදි ණය තොරතුරු කාර්යාංශයේ (ක්‍රිබ්) ලේඛනගත වී ඇති බව ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී පුෂ්පික ජයසුන්දර මහතා ‘දිවයින’ට පැවසීය.

දකුණු ආසියානු කලාපයේ සෙසු රටවලට සාපේක්‍ෂව ශ්‍රී ලාංකිකයන්ගේ ණය කළමනාකරණය පිළිබඳ දැනුම ඉතා අවම මට්ටමක පැවතීම මීට හේතුව බව ද ජයසුන්දර මහතා කීවේය.

බොහොමයක් පුද්ගලයන් සිය ණය හා ලීසිං වාරික නිසි පරිදි ගෙවා ඇතත් ඇතැම් මූල්‍ය සමාගම් එම තොරතුරු නිසි පරිදි යාවත්කාලීන නොකිරීම ද මෙම තත්ත්වයට හේතු වී ඇතැයි ද ඒ මහතා කීවේය.

මෙම තත්ත්වය නිවැරදි කිරීමේ අරමුණින් ණය කළමනාකරණය පිළිබඳ මෙරට ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය මේ වනවිට පියවර රැසක් ගෙන ඇත. ඒ යටතේ ඕනෑම පුද්ගලයකුට මූල්‍ය සමාගමකට නොගොස් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ http://www.crib.lk වෙබ් අඩවිය ඔස්සේ සිය ණය තොරතුරු වාර්තාව ලබා ගැනීමේ පහසුකම් සපයා ඇතැයි ද සාමාන්‍යාධිකාරිවරයා කීවේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments