Saturday, December 20, 2025
Homeදේශීයරියැදුරු වර්ජනය අස්සේ දුම්රියේ වහල මත ආපු මොරටු සරසවියේ ඉංජිනේරු ශිෂ්‍යයෙක් ඇදවැටී...

රියැදුරු වර්ජනය අස්සේ දුම්රියේ වහල මත ආපු මොරටු සරසවියේ ඉංජිනේරු ශිෂ්‍යයෙක් ඇදවැටී මරුට!

මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියේ වහලය මත සිටි තරුණයෙක් හොරපේ දුම්රිය ස්ථානය අසලදී අනතුරකින් අද (12) පෙරවරුවේ මරණයට පත්ව තිබේ.

මියගොස් ඇත්තේ ඩබ්. ඩී .ඩී අයි පෙරේරා නැමැති 18 හැවිරිදි සිසුවෙක් බව අනාරණය වී තිබේ.

ඔහු ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ අයෙක් බවත්, මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණය සම්බන්ධව පාඨමාලාවක් හදාරණ අයෙක් බවත් තොරතුරු අනාරණය වී ඇතැයි පොලීසිය කියයි.

එම තරුණයා දුම්රිය වහලය මත සිටිය දී ගසක හෝ වයරයක ගැටෙන්නට ඇතැයි අනුමාන කරන බවත්, මරණය පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බවත් දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවැසීය.

අද (12) ආරම්භ කළ දුම්රිය වැඩ වර්ජන හේතුවෙන් දුම්රිය ධාවනය සීමා වීමෙන් ජනතාව අපහසුතාවයට ලක්ව ඇති ආකාරය ද අද උදෑසන සිට දක්නට ලැබුනා

RELATED ARTICLES

Most Popular

Recent Comments