Wednesday, October 23, 2024
Homeදේශීයකෝටි 23ක් දී ගෙනා ත්‍රිපෝෂ බිස්කට් යන්ත්‍ර ‘පුස්කයි

කෝටි 23ක් දී ගෙනා ත්‍රිපෝෂ බිස්කට් යන්ත්‍ර ‘පුස්කයි

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම විසින් පෝෂ්‍යදායි බිස්කට් වර්ගයක් නිෂ්පාදනය කිරීමේ අරමුණින් ගෙන්වනු ලැබූ යන්ත්‍රය උපයෝගි කරගෙන බිස්කට් නිෂ්පාදනය සිදුනොකිරීම නිසා මෙකීි කාර්යය සඳහා වැයකොට තිබූ රුපියල් විසිතුන් කෝටි හතළිස් එක්ලක්ෂ විසිපන්දහස් නවසිය අනූනවයක (234,125,999) සම්පූර්ණ මුදල නිෂ්කාර්ය වියදමක්බ වට පත්ව ඇති බව ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණන පරීක්ෂණයකදී හෙළි වී ඇත.

පෝෂ්‍යදායි බිස්කට් වර්ගයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් විසිකෝටි අනූදෙලක්ෂ හැත්තෑ හතරදහස් පන්සිය අසූඅටක (209,274,588) වියදමක් දරා 2020 වර්ෂයේදී මෙකී යන්ත්‍රය මිලදී ගෙන තිබිණි. යන්ත්‍රය ස්ථාපිත කිරීම සඳහා වැයකොට ඇති මුදල රුපියල් එක්කෝටි අසූනව ලක්ෂ හැත්තෑනව දහස් හාරසිය තිස්අටකි (18,979,438). නිලධාරීන් පුහුණු කිරීම සඳහා පනස් තුන්ලක්ෂ හතළිස් අටදහස් නවසිය හතළිස්හයක (5,348,946) වියදමක් දරා තිබිණි. කිසිදු බිස්කට් නිෂ්පාදනයක් සිදුකර නොතිබූ අතර අත්හදා බැලීම් සඳහා අවස්ථා 11ක් වෙනුවෙන් රුපියල් 5,23,027ක මුදලක් වැයකොට තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් පූර්ණ විධිමත් පරීක්ෂණයක් සිදුකර වගකිවයුතු පාර්ශ්වය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගතයුතු බව විගණනය මඟින් නිර්දේශකොට ඇත. මේ පිළිබඳ ත්‍රිපෝෂ සමාගමේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ 2021, 2022 යන වර්ෂවල පැවැති කොවිඩ් වසංගතය, දේශපාලන අස්ථාවරභාවය, දැඩි ආර්ථික හා මූල්‍ය අර්බුදය නිසා නිෂ්පාදන කටයුතු අඛණ්ඩව කරගෙන යෑමට නොහැකි වූ බවය. එමෙන්ම ප්‍රමිතියෙන් යුතු ඇෆ්ලටොක්සින් අඩු බඩඉරිඟු දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළෙන්ද සපයාගැනීමට නොහැකිවීම නිසා සැලසුම් කළ පරිදි බිස්කට් නිෂ්පාදන කටයුතු සිදුකරගෙන යෑමට නොහැකි වූ බව සමාගමේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments