Monday, December 22, 2025
Homeසියලුම පුවත්ඖෂධ හදිසි මිලදී ගැනීම් අත්හිටුවයි

ඖෂධ හදිසි මිලදී ගැනීම් අත්හිටුවයි

ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අද(02) පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා කියා සිටියේ රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව 40% කින් පමණ වැඩිවී ඇති බවයි.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, පසුගිය මාස 9 තුළ දිවයිනපුරා ශික්ෂණ රෝහල්වලින් ලබාගත් දත්තවලින් එය තහවුරු වූ බවයි.

එමෙන්ම, රජයේ රෝහල්වලට ඇතුළත් වන රෝගීන් සංඛ්‍යාව ද 25% කින් පමණ වැඩිවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය

RELATED ARTICLES

Most Popular

Recent Comments