Saturday, December 20, 2025
Homeසියලුම පුවත්ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 10න් 6 දෙනෙකුම ආර්ථික අවදානම් කලාපයේ…

ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 10න් 6 දෙනෙකුම ආර්ථික අවදානම් කලාපයේ…

ශ්‍රී ලංකාවේ ජනගහණය වූ මිලියන 22.16 න් මිලියන 12.3 ක පිරිසක් අවදානම් ආර්ථික මට්ටමට ළඟා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2022-23 වර්ෂ සඳහා නිකුත් කරන ලද ජාතික පුරවැසි සමීක්ෂණය නම් වූ බහුමාන අවදානම් දර්ශකය මත පදනම් වූ ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන් වන බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය විය.

උක්ත වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙක් ම මෙසේ අවදානමට ලක් ව ඇති බවය. එය 55.7% කි. ග්‍රාමීය ප්‍රදේශවල මෙය 82% ක් තරම් ඉහළ තත්ත්වයකි. පුත්තලම දිස්ත්‍රික්කය අවදානම වැඩිම ප්‍රදේශය වන අතර එහි ප්‍රතිශතය 71.8% කි. අවමය වූ 41.5% වාර්තා වන්නේ මාතලේ දිස්ත්‍රික්කයෙනි.

RELATED ARTICLES

Most Popular

Recent Comments