Saturday, December 20, 2025
Homeදේශපාලනමුජිබර් රනිල්ව නැති කර දමයි

මුජිබර් රනිල්ව නැති කර දමයි

ජාත්‍යන්තර පර්යේක්ෂණ වලට සහ ජාත්‍යන්තර සබඳතා වලට රාජ්‍ය බලය ගැනීමට පෙරේ ඇලුම් කල ජනාධිපති රනිල්ට මේ වන විට ජාත්‍යන්තරය ඇලජික් වී ඇති බව ඊයේ (04) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුජිබර් රහ්මන් මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා අගමැතිව සිටියදී මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා ලවා ජිනීවාවලදී ‌ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට දෙමුහුන් අධිකරණයක් යෝජනා කළ බවත්, ඉන් අනතුරුව වැඩ බලන ජනාධිපති සමයේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව කී බවත් මුජිබර් රහුමාන් මහතා පැවසීය.

එදා එසේ කතා කළ ජනාධිපතිවරයා අද පාස්කු ප්‍රහාරය පිළිබදව ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය නැති බව ජර්මානු මාධ්‍යයට පැවසීම විහිලුවක් බවත් ඒ මහතා කීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments