Monday, November 25, 2024
Homeදේශපාලන‘විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීම් නොකළොත් 2029 වනතෙක් විද්‍යාපීඨවලින් ගුරුවරයෙක් පිටවන්නේ නෑ‘‘ -...

‘විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීම් නොකළොත් 2029 වනතෙක් විද්‍යාපීඨවලින් ගුරුවරයෙක් පිටවන්නේ නෑ‘‘ – රෝහිණි කුමාරි විජේරත්න

වසර හතරකින් විද්‍යාපීඨ වලට දරුවන් බඳවා නොගැනීමෙන් ඉදිරි අවුරුදු හතරක කාලය තුළදී රටේ පාසල් පද්ධතියට ගුරුවරු එකතුවීමේ ක්‍රමවේදයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය සඳහන් කළාය.

වැඩිදුරටත් අදහස් දක්වමින් රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය සඳහන් කළේ, විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීම් සිදුකළේ නැත්නම් 2029 වනතෙක් විද්‍යාපීඨවලින් ගුරුවරයෙක් පිටවන්නේ නැති බවත් එයින් පීඩාවට පත්වෙන්නේ රටේ දුෂ්කර පළාත්වල දරුවන් බවත්ය.

ලංකාවේ විද්‍යා පීඨ තුළ මේවනවිට කණ්ඩායම් තුනක් අධ්‍යාපනය ලැබිය යුතු බවත් එක කණ්ඩායමක් සීමාවාසික පුහුණුව ලැබිය යුතු බවත් ඒ සීමා වාසික කණ්ඩායම අධ්‍යාපන පද්ධතියට එකතු වීමට නියමිත බවත් විද්‍යාපීඨ වලින් පිටවීමට ගුරුවරු කණ්ඩායමක් නැති බවත් එක කණ්ඩායමක් පමණක් විද්‍යාපීඨ තුළ සිටින බවත් රටේ අධ්‍යාපන තත්ත්වයේ කඩා වැටීම මේ කාරණයෙන් පේන්න තිබෙන බවත් කවිරත්න මහත්මිය පැවසුවාය.

රට තුළ 32,000 ක පමණ ගුරු හිඟයක් තිබෙන බවත් බඳවා ගැනීම් සිදුකිරීමට ක්‍රමයක් නැති නිසා ආණ්ඩුව විවිධ හේතු කියමින් එය මගහරිමින් සිටින බවත් ගුරුවරු බඳවා නොගන්නේ රටේ ආර්ථිකය කඩා වැටී ඇති නිසාදැයි අධ්‍යාපන ඇමැතිවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන බවත් ආණ්ඩුවේ තිබෙන නොහැකියාවෙන් අවසානයේ දුක් විඳින්නේ රටේ අහිංසක දරුවන් බවත් ඒ මහත්මිය හෙතෙම සඳහන් කළාය.

රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මේ බව සඳහන් කළේ අද (05) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments