Monday, February 16, 2026
Homeක්‍රීඩාබංග්ලාදේශයට දැවැන්ත ඉලක්කයක්

බංග්ලාදේශයට දැවැන්ත ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 7වන තරගයේ බංග්ලාදේශයට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 364ක් රැස්කරගත්තේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Dawid Malan පන්දු 107කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 16ක් සමග ලකුණු 140ක් රැස්කරගත්තේය.

ඔහුට අගනා සහයක් දුන් ජෝ රූට් පන්දු 68කදී හයේ පහරක් සහ හතරේ පහර 8ක් සමග ලකුණු 82ක් රැස්කරගත්තේය.

ජොනී බෙයාස්ටෝ ලකුණු 52ක් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් රැස්කළේය.

පන්දු යැවීමේදී මෙහෙදි හසන් ලකුණු 71කට කඩුලු 4ක් දවාගත්තේය.

ෂොරිෆුල් ඉස්ලාම් කඩුලු 3ක් දවාගත්තේය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා බංග්ලාදේශ කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 365කි.

RELATED ARTICLES

Most Popular

Recent Comments