Friday, February 13, 2026
Homeදේශීයඩොලර් බිලියන 4.2ක ණය ගැන චීනයෙන් එකඟතාවයක්

ඩොලර් බිලියන 4.2ක ණය ගැන චීනයෙන් එකඟතාවයක්

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීන එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකාව එකඟතාවයකට එළැඹි බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහි  දැක්වෙන්නේ එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සඳහා ප්‍රධාන ප්‍රතිපත්ති සහ ප්‍රධාන කොන්දේසි සම්බන්ධයෙන් අදාළ එකඟතාවයට එළැඹි බවයි.

අදාළ එකඟතාවය යටතේ එම බැංකුවට ගෙවීමට ඇති ණය වලින් ඩොලර් බිලියන 4.2ක් පමණ ආවරණය වන බව මුදල් අමාත්‍යංශය පැවසීය.

මෙමගින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන ණය තිරසාරත්වය ඇතිකර ගැනීමටත් ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීමටත් හැකිවන බව මුදල් අමාත්‍යංශය පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments