Monday, December 22, 2025
Homeදේශපාලනශ්‍රී ලංකාවට චීන ජනපතිගෙන් පොරොන්දුවක්

ශ්‍රී ලංකාවට චීන ජනපතිගෙන් පොරොන්දුවක්

ශ්‍රී ලංකාවට දේශපාලන කොන්දේසිවලින් තොරව සහායදෙන බව චීන ජනාධිපති ෂී ජින් පින් පවසා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමටත් අපනයනවලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමටත් චීනය කැමැත්තෙන් සිටින බවද චීන ජනපතිවරයා පෙන්වාදී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර අද බීජිං නුවරදී පැවැති රැස්වීමේදී චීන ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

ජනාධිපතිවරුන් දෙදෙනා අතර පැවැති එම හමුවේදී කලාපීය කටයුතු සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමටද එකඟවී ඇත.  

RELATED ARTICLES

Most Popular

Recent Comments