Sunday, December 21, 2025
Homeසියලුම පුවත්ලබන වසරේ ණය ගෙවීමට එක් පුද්ගලයෙකු මත ලක්ෂ 13ක්!

ලබන වසරේ ණය ගෙවීමට එක් පුද්ගලයෙකු මත ලක්ෂ 13ක්!

ඊයේ (13) ඉදිරිපත් කළ අයවැය අනුව ලබන 2024 වසර තුළදී ණය වාරික සහ පොලී ගෙවීමට පමණක් රුපියල් කෝටි 691,900ක් වැය වන බව ඇස්තමේන්තු කර තිබේ.

මේ අනුව මෙරට සමස්ත ජනගහණය වන දෙකෝටි විසි ලක්ෂයක ජනගහණයෙන් එක් පුද්ගලයෙකු මත ණය වාරික සහ පොලි ගෙවීමට පැටවී තිබෙන මුළු බර රුපියල් තුන්ලක්ෂ දාහතර දහස් පන්සීයක් (රු. 314,500) වී ඇත.

මෙම තොරතුර අයවැය කතාවේ ඇමුණුම 02 යටතේ දැක්වේ.

ලබන වසර තුළ දී පොලී ගෙවීමට පමණක් රුපියල් කෝටි දෙලක්ෂ හැට පන්දහස් එක සියයක් (රු.කෝටි 265,100) වැය වන අතර ණය ආපසු ගෙවීම වෙනුවෙන් රුපියල් කෝටි හාරලක්ෂ විසි හයදහස් අටසියයක් (රු.කෝටි 426,800) වැය වන බවද දක්වා තිබේ.

මෙම ණය වාරික ආපසු ගෙවීමේ මුදලින් රුපියල් කෝටි ලක්ෂ තුනක් (රු.කෝටි 300,000) කපා හැරීමේ අපේක්ෂාවක ආණ්ඩුව සිටින බව එම ඇමුණුමේ දක්වා ඇත.

එහෙත් මේ දක්වා දේශීය ණය කපා හැරීම යටතේ විශ්‍රාම වැටුප් අරමුදල්වලින් ලබා දී තිබෙන ණය කපා හැරීමේ ක්‍රියාමාර්ගය පමණක් ආණ්ඩුවට සාර්ථක කර ගත හැකි වී තිබේ. විදේශීය ණය කපා හැරීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් මේ දක්වා සාර්ථක කරගත හැකි වී නැත

RELATED ARTICLES

Most Popular

Recent Comments