Friday, January 16, 2026
Homeසියලුම පුවත්වැඩකරන විරුවාගේ කෝටි 750 ගේමක් එළියට

වැඩකරන විරුවාගේ කෝටි 750 ගේමක් එළියට

ධුරයෙන් පළවාහරින ලද ජනාධිපති ගෝටාබය රාජපක්ෂ “ගම සමඟ පිළිසඳරක්” යනුවෙන් නම් කර ගෙන ගිය ප්‍රචාරක ව්‍යාපෘතියට 2022 වර්ෂයේ මුල් මාස 06 තුළ රුපියල් කෝටි 755ක් වැය කර ඇති බව අනාවරණය වේ.

ඔහු ජනාධිපති ධුරයට 2019 නොවැම්බර් 17 වැනි දින තේරී පත්වූ අතර තමාගේ කට වචන චක්‍රලේඛ ලෙස භාවිතා කරන මෙන් නියෝග කරමින් ගම සමඟ පිලිසඳරක් නම් ප්‍රචාරක ව්‍යාපාරය දියත් කරනු ලැබීය. එම ව්‍යාපාරය වෙනුවෙන් රටේ සියලුම දිස්ත්‍රික්කවල මුදල් වියදම් කර ඇති බව අයවැය ඇස්තමේන්තුව 2024 නම් ප්‍රකාශනයෙන් හෙළිවී තිබේ. 2022 ජූලි මස 09 වැනි දින මහජනතාවගේ මැදිහත් වීමෙන් ඔහු ජනාධිපති ධුයෙන් පළවා හරින විටද රටපුරා සියලුම දිස්ත්‍රික්කවල මෙම මුදල් වියදම් කෙරෙමින් පැවතිණි.

මේ යටතේ වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් වන අතර එය රුපියල් මිලියන 825ක් ය. දෙවන වැඩිම වියදම මහනුවර දිස්ත්‍රික්කයේ රුපියල් මිලියන 716ක්, තුන්වන වැඩිම වියදම ගාල්ල දිස්ත්‍රික්කයට වන අතර එය රුපියල් මිලියක 678ක් සහ සිව්වන වැඩිම වියදම මඩකලපුව දිස්ත්‍රික්කය වෙනුවෙන් වන අතර එය රුපියල් මිලියන 547ක්ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments