සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයන් පත් කෙරේ.*
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නව සාමාජිකයන් පත් කිරීමට විපක්ෂ නායක මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද කටයුතු කළේය.
ඒ අනුව සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට එක්වූ නව සාමාජිකයන් අතර සමගි ජන බලවේගය නියෝජනය කරන නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද දැකිය හැකිය. ප්‍රසාද් සිරිවර්ධන, චිත්‍රාල් ප්‍රනාන්දු, චතුර ගලප්පත්ති, ජගත් විතාන, සුරංග රත්නායක, චමින්ද්‍රානි කිරිඇල්ල සහ ඩී ආරියවංශ එසේ පත්වූ නව කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් වේ.